සුඛෝපබෝගී බස් රථයක් මිනුවන්ගොඩ දී ගිනිගෙන අළුවෙයි

මිනුවන්ගොඩ නගර මධ්‍යයේ ප්‍රධාන බැංකුවක් පිටුපස නවතා තිබූ සුඛෝපබෝගී බස් රථයක් අද (28) දහවල් ගිනිගෙන විනාශ වී තිබෙන බව පොලිසිය පවසයි.

බස් රථයේ මෙම ගින්න හේතුවෙන් එම පුද්ගලික බැංකුවේ ගොඩනැගිල්ලට සහ දේපළවලට හානි සිදුව ඇති බවද පොලිසිය පවසයි.

බස් රථයේ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇති බව පොලිසිය සැක කරයි.

මෙම ගින්න සම්බන්ධව මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරගෙන යනු ලබයි

Leave a Reply