සිසුවියන් පිරිසකට ලිංගික අතවර කල ටියුෂන් ගුරා අත් අඩංගුවට

පාසල් සිසුවියන් 16 දෙනෙකු පමණ ලිංගික අතවර සිදුකරමින් සැගව සිටී උපකාරක පංති ගුරුවරයා අද (11) අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිව සිටී 30 හැව්රිදි පුද්ගලයෙකි.

සැකකරු පටිගත කල දර්ශන අනුව ලිංගික අතවර කිරීම් 16 ක් සම්බන්ධයෙන් අනාවරණය වන බවත් ඒවා නිරීක්ෂණය කරමින් අගතියටපත් දැරියන් සොයා ඉදිරි විමර්ශන සිදුකරන බව කළුතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සදහන් කර තිබේ..

සිසුවියක් පිරිසකට ලිංගික අතවර කල ටියුෂන් ගුරෙකු සොයා විමර්ශන

Leave a Reply