සිය දියණිය අපයෝජනය කළ පියෙකුට වසර 45 ක සිරදඬුවමක්

තම 15 හැවිරිදි දියණිය වරින්වර අපයෝජනය කර දරුවෙකු ප්‍රසූත කරන තත්වයට පත් කළ පොළොන්නරුව, නිස්සංකමල්ලපුර ප්‍රදේශයේ පියෙකුට වසර 45ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් පොළොන්නරුව මහාධිකරණය විසින් අද (29) නියම කර තිබේ.

මෙම දඬුවමට අමතරව රුපියල් ලක්ෂ 10 ක වන්දියක් සහ රුපියල් ලක්ෂයක දඩයක් ගෙවන ලෙසටද පොළොන්නරුව මහාධිකරණය විත්තිකරුට නියෝග කර තිබේ.

ඒ අනුව චූදිත පියාට එල්ලවූ චෝදනා 3 ට වෙන් වෙන් වශයෙන් වසර 15 බැගින් වසර 45 ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කිරීමට අධිකරණය නියෝග කර ඇත

මවගේ රැකවරණයද නොමැති මෙම දැරියට 2015 වසරේදි මෙම අපරාධය සිදුව ඇත.

Leave a Reply