සිඝ්‍රගාමී දුම්රියක් කොළඹ දී පීලි පනියි

කන්කසන්තුරය සිට ගල්කිස්ස බලා ධාවනය වූ දුම්රියක් කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලිපැනීම නිසා වෙරළබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදු වී තිබෙනවා.

ඊයේ (15) රාත්‍රි මෙම අංක 4022 දරණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය කන්කසන්තුරය සිට ගල්කිස්ස බලා ධාවනය වීමෙන් පසු නැවත ධාවනාගාරයට වෙත පැමිණෙමින් සිටියදී මෙලෙස පීලිපැනීමට ලක්ව ඇතැයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුවෙන් ආරම්භ කරන දුම්රිය කිහිපයක් අවලංගු කර ඇති අතර, උදෑසන 8.30 ට කොළඹ – කොටුවෙන් බෙලිඅත්ත බලා ගමන් කෙරෙන දුම්රිය පමණක් ධාවනය කිරීමටයි සැළසුම් කර ඇත. පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුව බලා ධාවනය කෙරෙන දුම්රියවල සුළු ප්‍රමාදයක්ද සිදුවිය හැකි බව දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේය.

දුම්රිය පිලීගත කිරිමේ කටයුතු සිදු කෙරේ

Leave a Reply