සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත්‍ භාර ගැනීම හෙට සිට

2022 (2023) සාමාන්‍ය පෙළ විභාගය සඳහා වන අයදුම්පත්‍ර හෙට (01) සිට ලබන 28 වැනි දා දක්වා ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පමණක් නිකුත් කිරීම් සහ භාර ගැනීම් සිදු කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් විදුහල්පති මගින් ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවද අදාල උපදෙස් අනුව ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

කිසිදු හේතුවක් මත එම කාලය දීර්ඝ නොකරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය

Leave a Reply