සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කරන ගුරුවරු ඉන්ධන ඉල්ලා උද්ඝෝෂණයක

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කරන ගුරුවරු අද (18) උදෑසන ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ සහ අනුලා දේවී විද්‍යාලයේ ඇගයීම් මධ්‍යස්ථානවල ගුරුවරු උද්ඝෝෂණයක නිරතවූහ.

විභාග ඇගයීම් කටයුතු සඳහා යන ගුරුවරුන්ට ඉන්ධන ලබාදීමේ ප්‍රමුඛතාව ලබාදෙන්න යැයි රජය වරින් වර ප්‍රකාශ කළ ද ඉන්ධන පිරවුම්හල්වලින් එවැනි ප්‍රමුඛතාවක් නොලැබීම හේතුවෙන් ඊට විරෝධය දක්වමින් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

Leave a Reply