ස්කූටරය කාන්තාවන් දෙදෙනෙකුට මරු කැඳවයි

යාපනය අල්ලෙපිට්ටි ප්‍රදේශයේදී ස්කූටර් වර්ගයේ යතුරුපැදියක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අද (01) සිදුවූ මාරක රිය අනතුරකින් යතුරුපැදයේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසයි.

මෙලෙස ජීවිත්ක්ෂයට පත්ව ඇත්තේ යාපනය,කෝපායි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 ක් හා 27 වන කාන්තාවන් දෙදෙනෙකු බවද පොලිසිය පවසයි.

අනතුරින් මෝටර් රථයේ ගමන්කළ සිව්දෙනෙකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර ඇත.

අනතුර සම්බන්ධයෙන් යාපනය කයිට්ස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි.

Leave a Reply