ශිෂ්‍ය උද්ඝෝෂණයක් හේතුවෙන් උණුසුම් වු ගාල්ල (VIDEO)

ගාල්ල ප්‍රධාන බස්නැවතුම්පල ඉදිරිපිට දී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව මගින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (22) සවස පවත්වන ලදී.

රුහුණු විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සුජිව අමරසේන මහතාට එරෙහිව සහ වසන්ත මුදලිගේ ඇතුලු ශිෂ්‍ය ක්‍රියාකාරින් නිදහස් කරන ලෙසත් ත්‍රස්ත පනත යොදා සිදුකරන ශිෂ්‍ය මර්ධනය වහා නවත්වන ලෙසට ඉල්ලා දිවයින පුරා විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ සිසුන් විසින් මෙම උද්ඝෝෂණය පවත්වන ලදි

මේ සදහා විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසක් සහභාගි වී සිටි අතර ජල ප්‍රහාරක රථයක් සමග පොලිස් කැරලි මර්දන කණ්ඩායම්, විශේෂ කාර්ය බලකාය සහ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් එම ස්ථානයට කැඳවා තිබිණ.

පැයක පමණ කාලයක් විරෝධතාවල නිරත වු ශිෂ්‍ය පිරිස පසුව සාමකාමිව විසිර ගියේය

Leave a Reply