ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් මහරගම අපේක්ෂා රෝහලට ඩොලර් ලක්ෂ 5ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මහරගම අපේක්ෂා රෝහලට ඇමරිකා ඩොලර් ලක්ෂ 5ක මුදලක් පරිත්‍යාග කර තිබේ. පරිත්‍යාග කළ එම මුදල රුපියල් කෝටි දාහත හමාරකට අධිකවේ.

ජයග්‍රාහී ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ සෑම ක්‍රීඩිකාවකටම රුපියල් මිලියන 2ක් මුදලක් ලබාදීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ

එමෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේදී රිදී පදක්කම්ලාභීන්ට රුපියල් මිලියන10ක්, ලෝකඩ පදක්කම්ලාභීන්ට රුපියල් මිලියන 5ක් මෙන්ම සහ ඔවුන්ගේ පුහුණුකරුවන්ට 25%ක් වශයෙන් වන මුදලක් ක්‍රීඩා අරමුදලින් ලබාදීමට සැලසුම් කර ඇත.

ආසියාවේ ශූරයින් (ක්‍රිකට්, නෙට්බෝල් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය) වෙනුවෙන් සංවිධානය කරන ලද උපහාර උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ

Leave a Reply