ශ්‍රී ලංකාව ලොව මිත්‍රශ්‍රීලී ම රටවල් දහය අතරට

2022 පාඨක තේරීම් සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාව ලෝකයේ මිත්‍රශීලී රටවල් දහය අතරට තේරී පත් වූ බව Conde Nast Traveler අඩවිය පවසයි.

එම වෙබ් අඩවියේ 2022 පාඨක තේරීම් සම්මාන උළෙලේ දී, මිත්‍රශීලී පුද්ගලයින්ගේ නිවහන ලෙස ඔවුන් සලකන රටවල් සඳහා ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඔවුන් පාඨකයන්ගෙන් ඉල්ලා සිටි අතර ඔවුන්ගේ මනාපය අනුව මිත්‍රශීලී රටවල් දහය තෝරා ගෙන තිබේ.

එම ලැයිස්තුවේ පළමු ස්ථාන ලෙස ප්‍රංශ පොලිනීසියාව නම් කර ඇති අතර ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ පසු වන්නේ 09 වැනි ස්ථානයේ යි.

1. ප්‍රංශ පොලිනීසියාව

2. කොලොම්බියාව

3. නවසීලන්තය

4. තායිලන්තය

5. කොස්ටාරිකාව

6. බොට්ස්වානා

7. පේරු

8. බෙලීස්

9. ශ්‍රී ලංකාව

10. පිලිපීනය

ළමයින්ගේ සිට මහලු අය දක්වා, ශ්‍රී ලංකාවේ මිනිසුන් අමුත්තන්ට ඇති ආදරය සහ උපකාර කිරීමට ඇති අවංක ආශාව සඳහා ප්‍රසිද්ධ බවත් දකුණු වෙරළ තීරයේ, මිරිස්සේ තල්මසුන් නැරඹීමේ ගවේෂණ චාරිකාවක යාත්‍රා කල යුතු බවත් ගාල්ල කොටුව නගරයේ වර්ණවත් බුටික් සාප්පු සවාරි යන්න අවස්ථාව තිබෙන බවත් එම වෙඩ් අඩවිය සදහන් කලේය.

Leave a Reply