ශ්‍රී ලංකාවේ භූ චලන සිදුවීමේ ප්‍රවණතාවක්

මෙරට තුළ භූ කම්පන සිදුවීමේ ප්‍රවණතාවක් මතුව ඇති බව භු විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.

ශ්‍රි ලංකාවට කිළෝමීටර් 900ත් 1000ත් අතර දුර ප්‍රමාණයකින් නව භූ තල මායිමක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බවත් මෙම අවදානම හේතුවෙන් මෙරට තුළ භූ කම්පන සිදුවීමේ ප්‍රවණතාවක් ද මතුව ඇති බව භු විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එම්.ජේ.ඒ අජිත්ප්‍රේම මහතා පවසයි.

අද (26) කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම අදහස් පළ කළේය.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරට ආශ්‍රිතව භු චලන 09ක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කළේය.

මාස 4ක් වැනි කෙටි කාලයක් තුළ භූ චලන 09ක් මෙරටින් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බවද එම කාර්යංශය පැවසීය.

ඉන් භූ චලන බහුතරයක් රට අභ්‍යන්තරයේ සිදුව ඇති අතර සෙසු භූ චලන මෙරට මුහුදු තීරයේ දි සිදුව තිබේ.

Leave a Reply