ශ්‍රි ලංකාව පිළිබඳව වාර්තාව මානව හිමිකම් කවුන්සලයට

ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව අද (12) මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරයට වැඩබලන මානව හිමිකම් මහ කොමසාරිස් නාඩා අල් නෂීෆ් මහත්මිය ඉදිරිපත් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්කාර්යාලය පසුගිය මාර්තු මස ඉදිරිපත් කළ ලිඛිත යාවත්කලීන කිරීමේ සිට අද වනවිට ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකින් පීඩා විඳින බව මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරයට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ලිඛිත වාර්තාව ඉදිරිපත් කරමින් වැඩබලන මානව හිමිකම් මහ කොමසාරිස් නාඩා අල් නෂීෆ් ප්‍රකාශ කළාය.

Leave a Reply