ශ්‍රි ලංකාව අවට සාගර පත්ලේ මුහුදුබත් වූ නෞකා 104 ක් සහ ගුවන් යානා 5ක්

ගතවූ වසර 500 ක පමණ කාලසීමාව තුළ ශ්‍රී ලංකාව අවට මුහුදුසීමාවේ නෞකා 104 ක් සහ අනතුරට ලක්වූ ගුවන් යානා 5 ක් මුහුදුබත්වී ඇති බව ශ්‍රී ලංකා ජාතික නැව් සුන්බුන් දත්ත වාර්තාව පවසයි. මෙම මුහුදුබත් වූ නෞකා සහ ගුවන් යානා බොහෝදුරට ගාල්ල සහ ත්‍රිකුණාමලය අවට ප්‍රදේශවල සුන්බුන් විසිරී පවතින බව සදහන්ය.

දෙවන ලෝක යුද සමයට අයත් ගුවන් යානා සහ ලන්දේසි පාලන සමයේ මෙන්ම ඊට පෙර කාලවලට අයත් නාවික යාත්‍රාවල කොටස් ද පවතින බවයි එම දත්ත වාර්තාවේ වැඩිදුරටත් සදහන්ය. දෙවන ලෝක යුද සමයට අයත් ගුවන් යානා මෙලෙස මුහුදුබත්වී ඇති අතර එහි සුන්බුන්ද පවතින බව සඳහන්.

ගාල්ල සහ ත්‍රිකුණාමලය අවට මුහුදුබත්ව ඇති මේවායේ සුන්බුන් නැරඹීමට දෙස් විදෙස් සංචාරකයින්ට තම අරමුදල යටතේ පවතින මුහුදු පුරා විද්‍යා ආයතන හරහා අවස්ථාව සැළසෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කර ඇත

Leave a Reply