ශ්‍රි ලංකාවෙන් නව මදුරු විශේෂයක් සොයාගනි

ශ්‍රි ලංකාවෙන් නව මදුරු විශේෂයක් හඳුනා ගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීට විද්‍යා කණ්ඩායම සමත්ව තිබේ

ශ්‍රී ලංකාවෙ මීරිගම සහ කළුතර ප්‍රදේශවලින් සොයාගත් Culex (lephoceraomyia) cinctellus කියුලෙක්ස් සින්ටෙලස් නැමති මෙම මදුරු විශේෂය දැනට තායිලන්තය සහ ඉන්දියාව වැනි රටවලින් වාර්තා වී තිබෙන අතර ඔවුන් රෝග වාහකයෙක් ද නැද්ද යන්න සම්බන්ධයෙන් තවමත් පර්යේෂණ මට්ටමේ පවතින බව කීට විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබේ.

මීට අමතරව එම කණ්ඩායම විසින්ම මෑතකදී  culex ගණයට අයත් කියුලෙක්ස් නියඉන්ෆියුලා නැමති මදුරු විශේෂය ද සොයාගැනීමට සමත් විය. එම මදුරුවා ඉන්දියාව තුළ මොලේ මැලේසියාව රෝගය බෝ කරන culex infula  යන මදුරු විශේෂයට ඉතාමත් ආසන්න මදුරු විශේෂයක් වන අතර ශ්‍රී ලංකාව තුළ වාහකයෙක්ද නැත්ද යන පිළිබඳව තවමත් පර්යේෂණ මට්ටමේ පවතින අතර එම මදුරුවා වාහකයකු වීමේ වැඩි සම්භාවිතාවයක් පවතීන බවත් ඔවුන් ප්‍රකාශ කර තිබේ.

Leave a Reply