ශ්‍රි ලංකාවට ඊසාන දෙසින් පවතින මැන්ඩවුස් සුළි කුණාටුව අනිද්දා ඉන්දීය ගොඩබිමට

යාපනයට කිලෝමීටර 610 දුරින් ඊසාන දෙසින් වර්ධනය වු ගැඹුරු පීඩන අවපාතය අද (07) පස්වරුවේ සුළි කුණාටුවක් බවට වර්ධනය වි ඇති බව ඉන්දීය කාලගුණ අංශ නිවේදනය කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ලබාදී ඇති මැන්ඩුස් යන නාමයෙන් මෙම සුළි කුණාටුව හඳුන්වනු ලබයි. මෙය දැනට පුරෝකථනය කර ඇති පරිදි පැයට කිලෝමීටර 80 ක වේගයෙන් හමා යන බව ඉන්දිය හා ජාත්‍යන්තර කාලගුණ අංශ නිවේදනය කළේ.

තමිල්නාඩු ප්‍රාන්තය සහ දකුණු අන්ද්‍රා ප්‍රාන්තය හරහා ඉන්දීය ගොඩබිමට ඇතුළු විය හැකි බව ඉන්දීය කාලගුණ අංශ පුරෝකතනය කර තිබේ.

මෙම සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ තමිල්නාඩු සහ අන්ද්‍රා වෙරළබඩ ප්‍රදේශවලට පූර්ව සුළි කුණාටු අනතුරු ඇඟවීමක් එරට කාලගුණ අංශ නිකුත් කර ඇත.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ඉහත සදහන් කල ප්‍රාන්තවල වෙරළබඩ ප්‍රදේශවලට අධික වැසි සමග තද සුළං ඇතිවිය හැකි බව ඉන්දීය කාලගුණ අංශ පවසයි.

මේ අතර සුළි කුණාටුවට මුහුණ දීම සඳහා එරට ත්‍රිවිධ හමුදාව ඇතුළු සහන කණ්ඩායම් සීරුවෙන් තබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ගිනිකොන සහ යාබද නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින මෙම සුළි කුණාටුව හේතුවෙන් අන්දමන් මුහුද, ගිනිකොනදිග බෙංගාල බොක්ක, නිරිතදිග බෙංගාල බොක්ක, ශ්‍රී ලංකා වෙරළ තීරය ඔස්සේ ඉන් ඔබ්බට ධීවරයින්ට නොයන ලෙසට ඉන්දීය කාලගුණ අංශ උපදෙස් දී ඇත. 

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවේ. උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මි. මි. 100ට වැඩි තද වැසි ඇතිවිය හැක.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත්වල විටින් විට හමන පැ.කි.මී. (50-60) පමණ තද සුළං බලාපොරොත්තු වේ.

බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

2 thoughts on “ශ්‍රි ලංකාවට ඊසාන දෙසින් පවතින මැන්ඩවුස් සුළි කුණාටුව අනිද්දා ඉන්දීය ගොඩබිමට

Leave a Reply