වෛරස් රෝගයක් පිළිබඳව මෙරට ජනතාවට දැනුම් දීමක්

ඉන්ෆ්ලුවෙන්සා හා සමාන රෝග ලක්ෂණ සහිත වෛරස් රෝගයක් මේ දිනවල දිවයින පුරා පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දීමක් කරයි.

කොවිඩ් රෝගය හා සැසදීමේ දී මෙම රෝගයෙන් සංකූලතා ඇති වීම සාපේක්ෂ ව අවම බවත් සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උණ වැනි රෝග ලක්ෂණ සහිත මෙම රෝගය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට බෝ වීමේ අවදානමක් ද පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සදහන් කර ඇත.

එබැවින් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය බවත් රෝගී තත්ත්වය උත්සන්න වීමක් සිදු වන්නේ නම්, පමණක් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සිදු කළ යුතු බව වි‍ශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් අවධාරණය කර තිබේ

Leave a Reply