වෙසක් සිල් ගන්න ගිය වේලාවේ නිවස බිඳ රුපියල් ලක්ෂ 23 දේපල උස්සලා

රත්ගම කපුමල්ල ප්‍රදේශයේ පදිංචි මව සහ පියා දියණිය සමග ඉකුත් වෙසක් පොහොය දින සිල් සමාදන්විමට ගොස් සිටියදි නිවස බිඳ රුපියල් ලක්ෂ 23ක් පමණ වටිනා රන් ආභරණ මුදල් හා ජංගම දුරකතනයක් සොරකම් කර ඇතැයි පොලිසිය පවසයි.

වෙසක් පොහොය දින සිල් සමාදන්විම සඳහා මව සහ පියා සමග දියණිය ගාල්ලේ විහාරස්ථානයකට පැමිණ ඇත.

පසුව සිල් පවාරණය කොට සවස නිවසට ගිය අවස්ථාවේ කිසියම් වෙනසක් දැක නිවසතුලට ගොස් පරික්ෂා කිරිමේදි දැක ඇත්තේ කාමරයේ තිබු අල්මාරිය කඩා එහි තිබු මුදල්, රන් ආභරණ සහ ජංගම දුරකථනය කිසිවෙකු විසින් සොරකම් කරගෙන ගොස් ඇති බවය.

වැඩි දුරටත් සොයා බැලිමේදි දැක ඇත්තේ නිවසේ පිටුපස දොර කඩා ඇතුලුවි සොරකම සිදුකර ඇති බවය.පසුව පොලිසියට පැමිණිලි කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ

Leave a Reply