වෙසක් පෝයදා චන්ද්‍රග්‍රහණයක්

වෙසක් පුර පසළොස්වක පෝයදා යෙදී ඇති ලබන මැයි 05 වනදා උප ඡායා චන්ද්‍රග්‍රහණයක් සිදුවිමට නියමිත බව ජාත්‍යන්තර අභ්‍යාවකාශ ආයතන උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙය උප ඡායා චන්ද්‍රග්‍රහණයක් ලෙස ආසියාව, දකුණු සහ නැගෙනහිර යුරෝපය, පැසිෆික්, අත්ලාන්තික් සහ ඉන්දියන් සාගරයේ ඇතැම් ප්‍රදේශවලට දිස්වන බව එහි සදහන්ය.

ලබන 05 වනදා රාත්‍රි 8.44 ට මෙම උප ඡායා චන්ද්‍රග්‍රහණය ආරම්භ වී ඊට පසුදින 06 වනදා අලුයම 1.01 දක්වා පැය 4 යි විනාඩි 18 ක කාලයක් එය දිස්වන බවත් එහි උපරිමය රාත්‍රි 10.52 ට දිස්වන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය සදහන් කළේය

පෘථිවියේ උප ඡායාව මතින් චන්ද්‍රයා ගමන් කරන විට සූර්ය කිරණ යම් ප්‍රමාණයක් චන්ද්‍රයා මතට වැටීම වළක්වන අතර, එවිට චන්ද්‍රයාගේ කොටසක් පෘථිවියේ උප ඡායාව මගින් වැසීයන බැවින් එමගින් චන්ද්‍රයාගේ දීප්තිය අඩුවී යන ආකාරය දැකිය හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥයන් සඳහන් කරයි.

Leave a Reply