මෙවර සාමාන්‍ය පෙළ විභාගයට A9ක් ගත් ජාතික කාන්තා ක්‍රිකට් ක්‍රිඩිකාව විශ්මි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ජාතික කණ්ඩායම නියෝජනය කරන ලබාලතම ක්‍රිඩිකාව වන 17 හැවිරිදි විශ්මි ගුණරත්න මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථ 9 ක් සහිතව සමත් වී ඇත.

ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන ඇය ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායිකාවද වේ

විශ්මි පසුගිය වසරේදී පළමුවරට ජාතික පිල නියෝජනය කරමින් සිම්බාබ්වේ හි පැවැති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වූවාය.

දකුණත් පිතිකාරියක් සහ දකුණතින් මද වේග පන්දු යවන්නියක් වන විශ්මි, දේශීය තරගාවලිවලදී දැක්වූ දස්කම් හේතුවෙන් ජාතික පිල නියෝජනය කිරිමට අවස්ථාව හිමිවිය.

මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙසද ඇය කටයුතු කරයි.

Leave a Reply