විෂ සහිත ත්‍රිපෝෂ තොගයක් බෙදා හැර ඇති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි

දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින ළදරුවන් සහ මවුවරුන් අතර බෙදා හැර ඇති ත්‍රී පෝෂ වල ඇෆලටොක්සීන් නම් වූ විෂ කාරකය අඩංගු වී ඇති බවට අනාවරණය වී නිසා එවා ත්‍රී පෝෂ ආයතනය විසින් එකතු කිරීමට කටයතු කර ඇති බව  ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

උපුල් රෝහණ මහතා ඒ බව පැවැසූවේ මාදම්පේදී  අද (20) පැවැති මාධ්‍ය හමුවකදීය

සම්මතය අනුව වයස අවුරුදු 1ට අඩු දරුවන්ගේ ආහාරවල මෙම රසායනික තත්ත්වය පැවතිය යුත්තේ කොටස් දශලක්ෂයට කොටස් එකක් බවත්, වයස අවුරුදු පහට අඩු ළමුන්ගේ ආහාරවල එම අගය පැවතිය යුත්තේ කොටස් දශලක්ෂයට කොටස් පහක් බවත්, මව්වරුන්ගේ ආහාරවල එම අගය සඳහන් විය යුත්තේ කොටස් දශලක්ෂයට කොටස් 30ක් බවත්, නමුත් මෙම ත්‍රිපෝෂ තොගයේ අඩංගු ඇෆලටොක්සීන් ප්‍රමාණය එම සම්මතයන් ඉක්මවා ඇති බවත් ඔහු පවසයි.

ඒ අනුව මෙම රසායනිකය ශරීරගත වීමෙන් අක්මාව ආශ්‍රිත පිළිකා තත්ත්වයන් ඇතිවීම, අක්මාව හානි වීම සහ දරුවන්ගේ ශරීර වර්ධනය බාල වීම වැනි තත්ත්වයන් ඇති විය හැකි බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇත.

මේ අතර ත්‍රීපෝෂ නිෂ්පාදන කටයුතු නියාමනය කිරීම සඳහා ත්‍රිපෝෂ ආයතනය විසින් වැඩපිළිවෙලක් සකසා ගන්නා ලෙස ද ඔහු ඉල්ලා සිටි.

කිසියම් ආකාරයකට විෂ කාරක සහිත ආහාර අලවිය සදහා වෙළද පොළේ තිබී හමුවුනහොත් ඒවා නිෂ්පාදනය කර බෙදා හැර ඇති ආයන වලට සහ අලවිය සදහා තබා ගෙන සිටි ව්‍යාපාරිකයන්ට එරෙහිවත් නීතිමය ක්‍රියා මාර්ග ගැනිමට කටයුතු කරන බවද ඒ මහතා ප්‍රකාශ කර තිබේ.

Leave a Reply