විවාහ උත්සවයට සුදානම් වු මනාලියට ඇසිඩ් ප්‍රහාරයක්

වැලිගම, මදුරාගොඩ ප්‍රදේශයේ අද (27) පැවැත්වීමට නියමිතව තිබූ තම විවාහ උත්සවයකට සුදානම් වෙමින් සිටි මනාලියකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අද (27) අලුයම ඇයගේ නිවසට පැමිණි පුද්ගලයෙකු විසින් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ලකර පළාගොස් ඇති බව පොලිසිය පවසයි.

බරපතළ තුවාල ලබූ තරුණිය මේ වනවිට මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.  

ප්‍රහාරයට ලක්වූ තරුණිය මීට වසර කිහිපයකට පෙර වැලිගම මදුරාගොඩ ප්‍රදේශයේම පදිංචිව සිටි 31 හැවිරිදි තරුණයෙකු සමග ප්‍රේම සබඳතාවයක් පවත්වා ඇති අතර පසුව දෙමාපියන්ගේ විරුද්ධත්වය මත එම සම්බන්ධතාවය නවතා දමා තිබෙන බව අනාවරණය වි තිබේ.

එයට පළිගැනීමක් ලෙස අදාළ තරුණයා විසින් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ලකර ඇති බව අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැලිගම පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන ලබයි.

Leave a Reply