විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ඇතුළු වු සිසුවාට ඇප

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී පරිගණක අපරාධ පනතේ වරදක් කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ගාල්ල ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ සිසුවා රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (09) නියෝග කර ඇත.

2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත යටතේ මෙම සැකකරු වරදක් කර ඇතැයි සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය සැකකාර සිසුවා අධිකරණයට ඉදිරිපත් කර තිබේ

👆 පෙර පුවත

Leave a Reply