විභාගයක් අතරතුර ඇෆ්ගනිස්ථානයේ පාසලකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට බටහිර වන්නට පිහිටි Dasht-e-Barchi නමැති පළාතේ ෂියා මුස්ලිම් පාසලකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

27 දෙනෙකු තුවාල ලබා ඇති බවත් එම සංඛ්‍යාව තවත් වැඩි විය හැකි බව එරට රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

තුවාල ලැබූවන් බොහෝ දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ ගණන තවත් ඉහළ යා හැකි බවත් එම වාර්තා සඳහන් කරයි.

කවුරුන් විසින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇත්දැයි අනාවරණය වී නොමැති අතර මෙය සුන්නි මුස්ලිම් අන්තවාදී සාමාජිකයන්ගේ ක්‍රියාවක් යැයි අනුමාන කරන බවත්, බෝම්බ ප්‍රහාරය එල්ල වෙද්දී, පාසලේ විභාගයක් පැවැත්වෙමින් තිබු බවත් එම වාර්තා සඳහන් කළේ ය

ප්‍රායෝගික විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයට මුහුණ දෙමින් සිටියදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් මෙම සිදුවීමට මුහුණ දී තිබේ.

Leave a Reply