විදුලිසැර වැදී වන අලියකු මරුට

සූරියවැව කළුවර වැව ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් වගා ඉඩමක ඇද තිබු අනවසර විදුලි රැහැනක පැටලීමෙන් වන අලියකු අද (20) අලුයම මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් පමණ අනුමාන කළ හැකි වන අලියෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට වනජීවී කාර්යාලය විසින් පරික්ෂණ පවත්වා වගා ඉඩමේ අයිතිකරු අත්අඩංගුවට ගෙන ඇත.

මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ කටයුතු හම්බන්තොට වනජීවී කාර්යාල විසින් පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply