විඩීයෝවක් පෙන්නලා කප්පම් ගත් කාන්තාවක් ඇතුළු පුද්ගලයෙකු අත් අඩංගුවට

ව්‍යාපාරිකයකු සමග ලිංගිකව හැසිරෙන අතරතුර එය රහසේ වීඩියෝ ගතකර පසුව එම ව්‍යාපාරිකයා බිය වද්දා රුපියල් ලක්ෂ 70 ක කප්පම් මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් කාන්තාවක් සහ පුද්ගලයෙකු කළුතර කොට්ඪාශ අපරාධ විමර්ශන ඒකකය විසින් අත් අඩංගුවට ගෙන තිබේ

බේරුවල ව්‍යාපාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව බේරුවල පදිංචි 33 හැවිරිදි කාන්තාවක් සහ 45 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත

සැකකාර කාන්තාව ඉන්දියාවේ දී පැමිණිලිකාර ව්‍යාපාරිකයා හදුනාගෙන එහිදී ඇතිවූ සම්බන්ධකමක් මත අවස්ථා කිහිපයකදී ලිංගිකව හැසීරී එය සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කරගෙන ව්‍යාපාරිකයා බියවද්දා රුපියල් ලක්ෂ 70න් රුපියල් ලක්ෂ 10 ක කප්පම් මුදලක් ලබාගෙන ඉතිරි මුදල ලබා ගන්නා අවස්ථාවේ දී අත් අඩංගුවට ගෙන තිබේ

සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවද පොලිසිය පවසයි.

Leave a Reply