වෑන් රියකට යටවූ තිදෙනකු මරුට

වැල්ලවාය – මොනරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල කුඩාඔය ප්‍රදේශයේ දී වෑන් රථයකට යට වූ තිදෙනකු එම ස්ථානයේම මියගොස් ඇතැයි බුත්තල පොලිසිය පවසයි.

පාගමනින් ගිය කාන්තාවක්, පිරිමියෙක් සහ කුඩා දරුවකු මෙසේ මියගොස් ඇති බවත් ඔවුන් යටකළ වෑන් රිය නොනවත්වාම ඉදිරියට ධාවනය කර ඇති අතර පසුව එය කුකුරන්පොළ ප්‍රදේශයේ සඟවා තිබියදී හමුවූ බව ද පොලිසිය සඳහන් කර ඇත.

මියගිය අයගේ අනන්‍යතාවය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නැත. ඔවුන්ගේ සිරුරු බුත්තල රෝහලේ තැන්පත් කර ඇත.

Leave a Reply