වෑන් – යතුරුපැදි අනතුරින් දෙදෙනෙකු ජිවිතක්ෂයට

කිරිඳිවැල දෙල්ගොඩ ප්‍රධාන මාර්ගයේ පුටුපාගල ග්‍රාමීය බැංකුව අසල දී යතුරු පැදියක් හා කුඩා වර්ගයේ වෑන් රථයක් ගැටීමෙන් සිදු වූ මාරක රිය අනතුරකින් යතුරුපැදියේ ගමන් කල දෙදෙනා මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.

පුටුපාගල ග්‍රාමීය බැංකුව අසල දී සිදුවු මෙම මාරක අනතුරින් රදාවාන ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 45 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් තිබේ.

වෑන් රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගෙන එම වෑන් රථය ද පොලිස් භාරයට ගනු ලැබීය.

අනතුර සම්බන්ධයෙන් දොම්පේ පොලිසිය පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply