වැසිකිළි වලකට වැටුණ වන අලියා බේරා ගනී

එප්පාවල මාවතවැව ප්‍රදේශයේ නිවසක වැසිකිලි වලක වැටී සිටි වන අලියකු වනජීවී නිළධාරීන්, පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව අද (01) උදෑසන ගොඩට ගෙන මාවතවැව රක්ෂිතය වෙත පළවා හැරීමට කටයුතු කල බව පොලිසිය පවසයි.

එප්පාවල මාවත වැව ගම්මානයට ගම්වැදුනු වයස අවුරු දු 25 ක පමණ වන අලියකු මාවත වැව විද්‍යාලය අසල නිවසක වැසිකිලි වලකට අද අලුයම් කාළයේ දී වැ ටී ඇත.

නිවැසියන් පවසන්නේ එක් වරම විශාල ශබ්දයක් ඇසුනු බවත්, ඒ පිළිබඳව විපරම් කර බැලීමේ දී වන අලියකු වැසිකිලි වලට වැටී සිටි බවයි.

අනතුරුව මේ සම්බන්ධයෙන් එප්පා වල පොලිස් ස්ථානය හා තලාව වනජීවී කාර්යාලය දැනුම්වත් කිරීමෙන් පසු එම නිළධාරීන් පැමිණ නිරීක්ෂණය කරනු ලැබූ අතර, වැසිකිලි වල තුළට වැටණු වන අලියාගේ පසුපස පාද දෙක වල තුළ සිරවීම නිසා වෙන් වන අලියාට ගොඩට ඒමට අපහසුව පැය 09කට ආසන්ලය කාලයක් වල තුළ සිරවී සිට තිබේ.

පොලිසිය හා තලාව වනජීවී කාර්යාල නිළධාරීන් විසින් ප්‍රදේශවාසීන් එම නිවස අසලින් ඉවත් කර බැකෝ යන්ත්‍රයක් උපයෝගී කරගෙන වැසිකිලි වලේ බැම්ම එක් පැත්තකින් කපා වල තුළ වැටී සිටි වන අලියා ගොඩට ගත් අතර, ගොඩට පැමිණි වන අලියා මාවතවැව රක්ෂිතය වෙත පළවා හැරීමට කටයුතු කර තිබේ. 

Leave a Reply