වැස්ස අරන් ලංකාවට ආ අමුත්තා හෙට බටහිර මුහුදට

ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතින පීඩන අවපාතය හෙට (26) ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු ප්‍රදේශයට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ජාත්‍යන්තර කාලගුණ අංශ පවසයි.

මෙම පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනයට ඇතුල් වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් ඇති අතර, එහි බලපෑමෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්වය හෙට දිනයේ ද පවතිනු කාලගුණ අංශ පවසයි.

මෙහි බලපෑමෙන් දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු පළාත්වල අද රාත්‍රියේ සහ හෙට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ට වැඩි තද වැසි ඇතිවිය හැකි එහි සදහන්ය.

Leave a Reply