වැලිගම රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් අයෙකුට බරපතළ තුවාල

වැලිගම කප්පරතොට පාලම අසලදී මාතර සිට කොළඹ දක්වා ධාවනය වු පුද්ගලික බස්රථයක ගැටී ඊයේ (15) රාත්‍රියේ කාන්තාවක් මියගොස් තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ දෙවිනුවර පදිංචි 68 හැවිරිදි කාන්තාවක් වන අතර තුවාල ලබා ඇත්තේ 47 හැවිරිදි ඇයගේ පුතා බවද පොලිසිය පවසයි.

බස් රථයේ ගමන් ගත් බිමත් පුද්ගලයින් පිරිසක් බස්රථයේ රියදුරු සමඟ ඇති කරගත් බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම පිරිස රියදුරුට පහරදීමට උත්සාහ කර ඇති අතර ඵ් හේතුවෙන් රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුවී ඇත

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු හා ගැටුම් ඇති කරගත් පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ගැටුමට සම්බන්ධ අනෙක් අය අත් අඩංගුවට ගැනිම සදහා වැලිගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply