වැලිගම මුහුදේ කිඹුල් බියක්

දින කිහිපයක සිට වැලිගම මුහුදු තීරයේ සැරිසරන දැවැන්ත කිඹුලෙකු හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයන් මෙන් ධීවරයන් ද බියට පත්ව තිබේ.

අඩු 6ත් 10ත් අතර දිගකින් යුතු මෙම කිඹුලා වැලිගම සහ කප්පරතොට මුහුදු තීරයන්හි සැරිසරන අයුරු ප්‍රදේශවාසීන් දැක තිබේ.

වැලිගම මුහුදු තීරය විදෙස් සංචාරකයන් අතර ප්‍රසිද්ධ මුහුදු තීරයක් වන අතර ප්‍රදේශවාසීන් මෙන්ම දේශීය සංචාරකයන් ද දිය නෑම සඳහා මෙම මුහුදු තීරය භාවිතා කරනු ලබයි.

මෙම කිඹුලා අල්ලා ඉවත් කර දෙන ලෙස ප්‍රදේශවාසීන් බද්දක යුතු වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

Leave a Reply