බීමත් රියදුරෙකු තිදෙනෙකුට දිවි අහිමි කරයි

වැල්ලවාය නුගයාය ප්‍රදේශයේ ඊයේ (04) රාත්‍රියේ සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් දරුවෙකු තුවාල ලබා තිබෙන බව වැල්ලවාය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ 44 හැවිරිදි පොලිස් සැරයන්වරයෙක්, 42 හැවිරිදි ඔහුගේ බිරිඳ හා 70 හැවිරිදි ඔහුගේ පියා වන බව පොලිසිය පවසයි.

ත්‍රීරෝද රථයේ ගමන් ගත් 11 හැවිරිදි දරුවෙකු තුවාල ලබා මොනරාගල රෝහලේ ප්‍රතිකාර ලබයි.

අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේ ඔහු බීමත්ව සිට ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුරට පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply