වැල්ලවායේ සුළු භූමිකම්පාවක්

වැල්ලවාය – බුත්තල – පැල්වත්ත ප්‍රදේශයෙන් රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 3.0 ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් වාර්තා වී තිබෙන බව භූ විද්‍යා හා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නිවේදනය කළේය

මෙම භූ චලනය පැලවත්ත සිනි කර්මාන්ත අසල ප්‍රදේශයේ සිදුව තිබේ

මෙම භූ චලනය දිවයිනේ සියලු භූ කම්පන මාන මධ්‍යස්ථානවල සටහන් වී ඇති බව භූ විද්‍යා හා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේය

මෙම භූ කම්පනය හේතුවෙන් කිසිදු හානියක් සිදුව නොමැති බැවින් ඒ පිළිබඳ ප්‍රදේශ වාසීන්ට කලබල නොවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටි

2 thoughts on “වැල්ලවායේ සුළු භූමිකම්පාවක්

Leave a Reply