වැල්ලවත්තේදී දුම්රියක ගැටී තරුණියක් මරුට

වැල්ලවත්ත ප්‍රදේශයේදී ඊයේ (28) සවස තරුණියන් දෙදෙනෙකු දුම්රියක ගැටීමෙන් එක් තරුණියක වූ මියගොස් තවත් තරුණියක් තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

කොළඹ, කොටුව සිට අලුත්ගම බලා ධාවනය වූ දුම්රියක වැල්ලවත්ත ප්‍රදේශයේ පොලිස් ජීවිතාරක්ෂක ඒකකය ආසන්නයේදී මෙම තරුණියන් දෙදෙනෙකු දුම්රියේ ගැටී ඇති බවද පොලිසිය පවසයි

තුවාල ලැබූ තරුණියන් දෙදෙනා කළුබෝවිල දකුණ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් තරුණිය ජීවිතක්ෂයට පත්ව තිබේ. 

මෙම තරුණියන් දෙදෙනා සහෝදරියන් බවත් මෙසෙ මියගොස් ඇත්තේ උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයක් බවද පොලිසිය පවසයි

Leave a Reply