වැලන්ටයින් සමරන්න ගිහින් සිදුවු ලිංගික අපරාධය

වැලැන්ටයින් දිනය සැමරීම සඳහා සිය පෙම්වතියට මත්ද්‍රව්‍ය කලවම් කළ චොකලට් ලබා දී මිතුරන් දෙදෙනෙකු සමග එක්ව ඇයට ලිංගික අපරාධයක් කළ පුවතක් කිළිනොච්චිය, පූනරින් ප්‍රදේශයෙන් වාර්තාවේ.

සිය 14 හැවිරිදි පෙම්වතියව 17 හැවිරිදි පෙම්වතා විසින් කැඳවා අදාල චොක්ලට් වර්ගය ලබා දී ඇය සිහි මූර්ජා වීමෙන් පසු සිය මිතුරන් දෙදෙනෙකු ද සමඟ එක්ව මෙම අපරාධය සිදු කොට ඇති බව වාර්තාවේ

මෙම පෙම්වතා සහ අනෙක් තරුණයින් දෙදෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව අනාවරණය වී තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පුනරීන් පොලීසියට පැමිණිලි ලැබී ඇති අතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි.

Leave a Reply