වැට පැන්න එළුවන් ජිවිතයක් බිලිගනි

වාලච්චේන නාපතාවිල් ප්‍රදේශයෙන් කුඹුරු ගොවිපොළක බෝග වලට එළුවන් හානි කළේ යැයි කියන සිද්ධියක් මුල් කරගෙන ඇති  වූ  බහින්බස් වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි වාලච්චේන පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ 74 හැවිරිදි ගොවියෙකු බවද පොලිසිය පවසයි.

මියගිය අයට අයත් ගොවිපලට යාබදව තවත් පුද්ගලයෙකු ගොවිපොළක් පවත්වාගෙන යන බවත්, මියගිය අයගේ එළුවන් එම ගොවිපොළ  කඩා වැදී බෝග වලට හානි කරන බවට  දෙපාර්ශවය අතර කලක සිට ආරවුල් පවතින බව පොලීසිය පවසයි.

ඊයේ (6) පස්වරුවේ මොවුන් දෙදෙනා කුඹුරු  ඉඩමේ දී බහින්බස් වී ඇති අතර එම බහින් බස් වීම දුරදිග සැකකරු මියගිය අයට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව ද බවද පොලිසිය පවසයි.

සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර වාලච්චේන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි. 

Leave a Reply