වාහන ලියාපදිංචිය විමධ්‍යගත කරන ලෙස වාහන හිමියන් ඉල්ලයි 

ඉන්ධන ලබා ගැනිම ඇතුලු වාහන සම්බන්ධ අනෙකුත් ගැටලු කඩිනමින් විසඳා ගැනිම සඳහා වාහන ලියාපදිංචි කිරිම විමධ්‍යගත කරන ලෙස වාහන හිමියෝ ඉල්ලා සිටිති. වාහන හිමියන් පවසන්නේ සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම එම පහසුකම් තිබෙන බවය.

තමන්ගේ වාහන පිළිබඳ තොරතුරු ජාතික දත්ත පද්ධතියට ඇතුලත්වි නොමැති නිසා ඉන්ධන ලබා ගැනිමට පැමිණි විට තමන් අපහසුවට පත්වන බවත් ඔවුහු පවසති.

වාහන ලියාපදිංචි කිරිම විමධ්‍ය ගතකර තිබු අවදියේ 2012 සිට 2016 දක්වා කාලය තුල රථ වාහන විශාල ප්‍රමාණයක් ලියාපදිංචිකර ඇති බවත් ඒ නිසා යලිත් වාහන ලියාපදිංචිය ප්‍රාදේශිය කාර්යාලවලට පවරන්නේ නම් එය ජනතාවට පහසුවක් වන බවද වාහන හිමියෝ පවසයි.

Leave a Reply