වාහනවල වාරික ගෙවාගන්න බැරුව කසිප්පු පෙරලා

තමන් සතු ව්‍යාපාර කඩාවැටීම හේතුවෙන් ආර්ථිකය යහපත් කාලයේදී මිලට ගත් කෝටි ගණනක් වටිනා සැප රියක් ඇතුළු වාහන 4ක ෆිනෑන්ස් මුදල් ගෙවීමට නීතිවිරෝධී මත්පැන් ජාවාරමෙහි යෙදුණු සැකකරුවෙකු ඉංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙනේරිගම, හඳපාන්ගොඩ පදිංචි 51 හැවිරිදි අයෙකි.

සැකකරු ගොඩනැඟිලි ද්‍රව්‍ය අළෙවි සලක් පවත්වාගෙන ගිය අයෙකු වන අතර,එම ව්‍යාපාර බිඳවැටීමත් සමඟ ඇතිවූ ආර්ථික අහේනිය හමුවේ තමන් සතු කෝටි ගණනක වාහන වල ණය වාරික පියවීමටත්, ජීවත්වීමේ ආදායම් මාර්ගයක් ලෙසටත් මෙම නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය සිදුකර ඇති බව ප්‍රශ්න කිරීම් වලදී හෙළිව ඇත.

නීතිවිරෝධී මත්පැන් ප්‍රවාහනය සැප රිය යොදාගෙන සිදුකර ඇති බවත්, වැටළීමේදී ගෝඩා ලීටර්1620(බැරල් 9)ත්, නීතිවිරෝධී මත්පැන් ලීටර් 33ක් ඇතුළුව පෙරීමේ උපකරණ තොගයක් පොලිස් භාරයට ගත් බවත් පොලිසිය පවසයි.

Leave a Reply