වාලච්චේනේ මාරක රිය අනතුරක්

පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාලච්චේන රිදීතැන්න ප්‍රදේශයේදි වෑන් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටී අද (24) පස්වරුවේ සිදුවූ මාරක රිය අනතුරකින් වෑන් රථයේ රියදුරු සහ මාස 4ක් වයසැති පිරිමි දරුවකු මියගොස් ඇති බව වාලච්චේන පොලිසිය පවසයි.

අනතුරින් කාන්තාවන් හතර දෙනකු බරපතළ තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුරෙන් මියගොස් ඇත්තේ හලාවත පදිංචි 80 හැවිරිදි අයෙකු සහ කුඩා පිරිමි දරුවෙකි.

පුත්තලමේ සිට කාත්තන්කුඩිය බලා ධාවනය කරමින් තිබූ වෑන් රථය අක්කරෙයිපත්තු සිට කදුරුවෙල ලෙස දක්වා එමින් තිබූ බස් රථයේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත

මෙම මාරක රිය අනතුරට සම්බන්ධ පෞද්ගලික බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවත් අනතුර සම්බන්ධයෙන් වාලච්චේන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි

Leave a Reply