වාද්දුව පිහිනුම් තටාකයක් තුළ විදේශිකයෙකුගේ මළ සිරුරක්

වාද්දුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක පිහිනුම් තටාකයේ කොරියානු ජාතිකයෙක් මියගොස් සිටියදී සොයාගත් බව වාද්දුව පොලීසිය පවසයි.

අද (18) උදෑසන එම හෝටලයේ සේවකයෙකු පිහිනුම් තටාකයේ මුනින් අතට වැටී පාවෙමින් සිටි මෙම විදෙස් ජාතිකයා දැක කළමනාකාරීත්වයට දැනුම්දී ඇති අතර පසුව ඔවුන් ඒ පිළිබඳව පොලිසියට දැනුවත් කර තිබෙන බව පොලිසිය පවසයි.

මෙම විදෙස් ජාතිකයා ඊයේ (17) සවස එම හෝටලයට පැමිණ තිබෙන බවත් ඔහු 43 හැවිරිදි දකුණු කොරියානු ජාතිකයෙකු බවට හඳුනාගෙන ඇත

සිද්ධිය සම්බන්ධයෙන් වාද්දුව පොලිසිය පරික්ෂණ පවත්වා ගෙනයනු ලැබේ.

Leave a Reply