ව්‍යාජ හෙළ බොජුන් අලෙවි සැල්ව­ලට රැව­ටෙන්න එපා – කෘෂි­කර්ම ඇමැති

කෘෂිකර්ම අමා­ත්‍යාං­ශයේ සංක­ල්ප­යක් පරිදි සිය­යට සිය­යක් දේශීය ආහාර ද්‍රව්‍ය යොදා ගනි­මින් සකස් කළ ආහාර අලෙවි කරන ‘හෙළ බොජුන් අලෙවි සැල්’ නමින් ව්‍යාජ අනු­ක­රණ ආහාර අලෙවි ස්ථාන පව­ත්වා­ගෙන යන බැවින් ඒවාට නොරැ­ව­ටෙන ලෙස කෘෂි­කර්ම ඇමැති මහින්ද අම­ර­වීර මහතා පාරි­භෝ­ගි­ක­ය­න්ගෙන් ඉල්ලී­මක් කරයි.

ඇණ­වුම් කළ අව­ස්ථා­වේම සහල් පිටි යොදා සකස් කළ උණු­සුම් ආහාර ලබා දීම කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශයේ හෙළ බොජුන් අලෙවි සැල්ව­ලින් සිදු කරන අතර, තිරිඟු පිටි වෙනු­වට හාල් පිටි යොදා ගනි­මින් සකස් කරන ලද ආහාර ප්‍රව­ර්ධ­නය දිව­යින පුරා හෙළ බොජුන් ආහාර අලෙවි සැල් ජාලය මඟින් සිදු කරයි. මෙම හෙළ බොජුන් ආහාර අලෙවි සැල් කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශයේ සංක­ල්ප­යක් වන අතර, එන­මින් වෙනත් පුද්ග­ල­යන් ද ආහාර අලෙවි ස්ථාන පව­ත්වා­ගෙන යන බවට තොර­තුරු වාර්තා වී තිබේ.

මේ පිළි­බ­ඳව සාක­ච්ඡා­වක් පෙරේදා (27) කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශ­යේදී පැවැති අතර, මෙම වස­රේදී හෙළ බොජුන් අලෙවි සැල් ප්‍රව­ර්ධ­නය සඳහා රජය විසින් රුපි­යල් මිලි­යන 100ක මුද­ලක් වෙන් කරනු ලැබ ඇති බැවින් එම මුදල් යොදා ගනි­මින් මෙම අලෙවි සැල් ජාලයේ ප්‍රමි­තිය රැක ගැනීම සඳහා සුදුසු වැඩ­පි­ළි­වෙ­ළක් සක­ස­න්නැයි ඇමැති අම­ර­වීර මහතා කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශයේ නිල­ධා­රීන්ට උප­දෙස් ලබා දුන්නේය.

එමෙන්ම කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශ­යට අයත් හෙළ බොජුන් අලෙවි සැල්වල අන­න්‍ය­තා­වය හා ප්‍රමි­තිය අඛ­ණ්ඩව පව­ත්වා­ගෙන යෑම සඳහා නිර­න්තර අධී­ක්ෂණ කට­යුතු මෙහෙ­ය­ව­න්නැයි කෘෂි­කර්ම ඇමැති මහින්ද අම­ර­වීර මහතා කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශයේ නිල­ධා­රීන්ට ද උප­දෙස් ලබා දී තිබේ.

Leave a Reply