වසර 50,000 පසු පෘථිවිය අසලින් ගමන් කරන කොල වල්ගා තරුව

වසර 50,000 කට වරක් දක්නට ලැබෙන දුර්ලභ හරිත වල්ගාතරුව පෙබරවාරි (01) පෘථිවියට ඉතාමත් සමීපවීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

C/2022 E3 හෙවත් ZTF නම් මෙම වල්ගා තරුව මීට වසර 50,000 කට පෙර අවසන් වරට දර්ශනය වූයේ නියැන්ඩතාල් මානවයාගේ අවසන් කාලවකවානුවේදි බව එම වාර්තා සඳහන් කළේය.

මෙම දීප්තිමත් කොළ පැහැති වල්ගාතරුව බදාදා (01) සහ බ්‍රහස්පතින්දා (02) පෘථිවියට කිලෝමීටර මිලියන 45 ක් දුරින් පිහිටන අතර, එය දක්ෂිණ ධ්‍රැවයේදී දුරේක්ෂයක ආධාරයෙන් දැකබලා ගත හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මෙම වල්ගාතරුව මේ වනවිට අප සෞරග්‍රහ මණ්ඩලය හරහා වේගයෙන් ගමන් කරමින් පවතින බව සඳහන්.

මේ අතර මෙම හරිත වල්ගාතරුව යළි වසර 50,000 කින්වත් යළි දර්ශනය නොවනු ඇති බවයි බ්‍රිතාන්‍යයේ ග්‍රිනිච් රාජකීය නිරීක්ෂණාගාරයේ තාරකා විද්‍යාඥ ආචාර්ය ග්‍රෙග් බ්‍රවුන් ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.

පසුගිය වසරේ මාර්තු මාසයේදි කැලිෆෝනියාවේ සැන්ඩියොන් ප්‍රදේශයේ පිහිටි නිරීක්ෂණ මධ්‍යස්ථානයේදී පුළුල් ක්‍ෂේත්‍ර ගවේෂණ කැමරා භාවිතයෙන් මෙම වල්ගාතරුව හඳුනාගනු ලැබින.

Leave a Reply