වසරකට මත්ද්‍රව්‍ය නිසා ශ්‍රි ලංකාවේ 40,000ක් මරුට

මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් වාර්ෂිකව මෙරට පුද්ගලයන් 40,000ක් පමණ ජීවිතක්ෂයට පත්වන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සිදුකළ සමීක්ෂණයකදී අනාවරණය කරගෙන තිබේ.

මීට අමතරව පාසල් දරුවන් 40,000ක් පමණ වාර්ෂිකව මත්ද්‍රව්‍ය භාවිතය සඳහා හුරුවන බවද එම සමීක්ෂණයෙන් හෙළිවී ඇත.

හෙරොයින් භාවිතය සඳහා 100,000ක පමණ පිරිසක්ද, ගංජා භාවිතය සදහා 300,000ක පමණ පිරිසක්ද අයිස් මත්ද්‍රව්‍ය සඳහා 50,000ක පමණ පිරිසක්ද එසේ වාර්ෂිකව ඇබ්බැහි වන බවට හඳුනාගෙන ඇති බවද එම පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය ශාක්‍ය නානායක්කාර පැවැසීය.

මත්ද්‍රව්‍ය භාවිතය සඳහා කාන්තාවන් යොමුකර ගැනීමේ උපක්‍රම ක්‍රියාත්මක වෙමින් පවතින බවද ඔහු ප්‍රකාශ කළේය.

ප්‍රශ්නවලින් මිදීමට, අයහපත් මානසිකත්වයෙන් මිදීමට හා සතුට යන කරුණු මුල් කරගෙන මත්ද්‍රව්‍ය භාවිත කරන නමුත් මේ හේතුවෙන් තිබෙන ප්‍රශ්න තව තවත් වැඩිවන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සිදුකරන සමීක්ෂණයේදී අනාවරණය කරගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

Leave a Reply