වව්නියාවේ වෙඩි තැබීමක්

අද (13) උදෑසන වව්නියාවේ සිදුවු වෙඩි තැබීමකින් දෙදෙනෙක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

පුද්ගලයෙකු විසින් එක්දරු මවකට වෙඩිතබා ඝාතනය කර පසුව ඔහුද වෙඩිතබාගෙන සියදිවි නසාගෙන ඇති බව පොලීසිය පවසයි.

වව්නියාව, පරයනාලන්කුලම්, නිලියාමොටෙයි ප්‍රදේශයේ නිවසක් තුළදී අද (13) අලුයම කාන්තාව වෙඩිතබා  ඝාතනය කර තිබුණි.

මෙලෙස වෙඩිතබා ඝාතනය කර ඇත්තේ 26 හැවිරිදි එක්දරු මවකි. පසවු සැකකරුද අද උදෑසන නිලියාමොටෙයි කොවිල අසලදී වෙඩිතබාගෙන මියගොස් ඇති බව පොලීසිය සැකපළ කරයි.

සැකකරු 24 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

ඇය විවාහාවීමට පෙර අදාළ සැකකරු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති බව පොලීසියට අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply