වන අලි රංචුවක් එළවන්න ගිය සිවිල් ආරක්ෂකයා අලි පහරින් මරුට

ගෝමරන්කඩවල කරගහවැව ගම්මානයට අද (06) සවස කඩා වැදුණු වන අලි රංචුවක් එලවීමට ගිය නිලධාරීන් පිරිසක් අතරේ සිටි සිවිල් ආරක්ෂක බළකායේ භටයකුට වන අලියකු පහරදීම නිසා එම භටයා මියගොස් ඇති බව ගෝමරන්කඩවල පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ සිවිල් ආරක්ෂක බළකායේ භටයෙකි.

වනජීවී නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක බළකායේ භට කණ්ඩායමක් කරගහවැව ගම්මානයට කඩා වැදුණු වන අලි රංචුව එළවීමට උත්සහ කිරීමේදී මෙම සිවිල් ආරක්ෂක භටයාට වන අලියකු පහරදී ඇතැයි වාර්තාවේ

මේ අතර පොලොන්නරුව ගිරිතලේ මාර්ගයේ දියබෙදුම නගරයට අද (06) දහවල් කඩා වැදුණු වන අලියකු කඩ සප්පු හා නගරයේ නවතා තිබු වාහනවලට හානි කර තිබේ

වන අලියා කුලප්පු වි වාහන විනාශ කරමින් නගරය එහෙමෙහේ දිව යද්දි ජනතාව ආරක්ෂිත ස්ථාන කරා දුවගොස් ඇති අතර නගරයේ පාළු ස්වභාවයක් ගෙන තිබේ

අලුයම් කාලයේ නගරයේට පැමිණ ඇති මෙම අලියා දියබෙදුම ප්‍රාදේශීය රෝහල් භූමියට කොටුවී සිටියදී ජනතාව දැකීමත් සමඟ රෝහල් භූමියෙන් ප්‍රධාන මාර්ගයට පැමිණ නගරය කරා පැමිණ එම මාර්ගය දිගේම ගිරිතලේ ස්වභාවික රක්ෂිතයට පලා ගොස් තිබේ.

Leave a Reply