වර්ෂාවත් සමග වසංගත රෝග ගැන ජනතාවට අනතුරු ඇඟවීමක්

වර්ෂාවත් සමග වසංගත රෝග ඉහළ යමින් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව ඉන්ෆ්ලුවෙන්සා, ඩෙංගු, පාචනය හා මී උණ සිඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පවසයි.

ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය පාලනය සඳහා නිවසේදී පවා මුව ආවරණයක් පැළඳීම ඉතාම වැදගත් බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ ය.

පාචන රෝගයන් අරක්ෂාවීම සඳහා ආහාරපාන ගැනීමේදී සැලකිලිමත් වන්නැයි ඔහු ජනතාවට දැනුම් දෙයි.

මේ අතර මී උණ රෝගීන් වාර්තා වීම ද ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

වසරේ මේ දක්වා කාලය තුළ මී උණ රෝගීන් 2600 ක් පමණ වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂාණී දාබරේ සඳහන් කළේය.

මී උණ දැයි සැකයක් ඇති වුවහොත් ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත දැනුම් දෙන්නැයි ඇය ගොවීන්ට දැනුම් දෙයි.

Leave a Reply