වයඹ විද්‍යා පීඨය අසල ATM යන්ත්‍රය කඩා මුදල් සොරාගෙන

වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය ගුරු සිසුන්ගේ පහසුව සඳහා එම විද්‍යාපීඨය ආසන්නයේ තිබුණු තිබූ රාජ්‍ය බැංකුවකට අයත් ATM යන්ත්‍රයක් කඩා එහි තුළ තිබූ රුපියල් 37,200 පමණ මුදලක් ඉකුත් (28) වනදා සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙම ATM යන්ත්‍රය බිංගිරිය පොලිස් ගරාජය පිටුපස ස්ථාපිත කර තිබී ඇත. යන්ත්‍රයේ කාර්මික දෝෂයක් පවතින බවට හඟවමින් පිරිසක් එය දහවල් කාලය කඩා ඇති බවත් ඔවුන්ට රැගෙන යෑමට හැකි වී ඇත්තේ රුපියල් සීයේ කොළ ඇතුළත්ව තිබූ කොටසේ මුදල් බව පෙනී ගොස් ඇතැයි පොලිසිය පවසයි. එම අවස්ථාවේ විදුලි විසන්ධි විම නිසා අනෙක් කොටස් කඩා ගැනීමට නොහැකි වී ඇති බව ද පොලිසිය සැක කරයි.

ATM යන්ත්‍රය කඩන අවස්ථාවේ රුපියල් ලක්ෂ තිහකට වැඩි මුදලක් එහි තිබී ඇතත් සැකකරුවන්ට එම සියලු මුදල් රැගෙන යන්නට නොහැකි වී ඇතැයි බිංගිරිය පොලිසිය පවසයි

සිද්ධිය සම්බන්ධයෙන් බිංගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි.

Leave a Reply