වන අලියා සෙබලාගේ ජිවිතය බිලිගනි

මන්නාරම සිලාවතුර මුල්ලිකුලම් නාවික හමුදා කඳවුරු භූමියේ දී වන අලි ප්‍රහාරයකට ලක් වීමෙන් රාජකාරියේ නිරතව සිටි නාවික හමුදා සෙබලෙක් මිය ගොස් ඇතැයි සිලාවතුර පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පොල්පිතිගම මාඑළිය ප්‍රදේශය පදිංචි 41 හැවිරිදි නාවික සෙබළෙකි.

මේ අතර මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටි ඉතාලි ජාතික කාන්තාවක් සහ ඉතාලි ජාතික පිරිමි පුද්ගලයකු ගමන්ගත් කාර් රථයකට රන්දෙණිගල ප්නිගල ප්‍රදේශයේ දී වල් අලියකු පහරදී ඔවුන්ගමන්ගත් කාර් රථය පෙරලා දමා ඇතැයි කීර්තිබණ්ඩාරපුර පොලිසිය පවසයි.

වල් අලි ප්‍රහාරයෙන් කාර් රථයට අලාභානි සිදුවී ඇතත් එහි ගමන් ගත් ඉතාලි ජාතික යුවලට කිසිදු හානියක් සිදු වී නොමැති බව වාර්තාවේ.

Leave a Reply