ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට

ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 75.71 දක්වාද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බැරලයක මිල ඩොලර් 71.48 දක්වාද අඩුවී තිබේ.

සමස්තයක් වශයෙන් බොර තෙල් මිල 2%කින් පමණ පහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විශේෂයන්ම එක්සත් ජනපදයේ ණය සීමාව සම්බන්ධයෙන් ඇතිව තිබූ මතගැටුම සමනයවීම ඊට ප්‍රධාන හේතුව ලෙස සඳහන් වෙයි.

Leave a Reply