ලොරියක් බස් නැවතුම්පොළකට කඩා වදී 10කට තුවාල

මහියංගණ – මහනුවර මහා මාර්ගයේ ගමන් කරමින් තිබූ ලොරි රථයක් එම මාර්ගය අසල ප්‍රධාන ලංගම බස් නැවතුම්පලක් ඉදිරිපිට සිටි පිරිසකගේ ඇඟේ ගැටී සිදුවු අනතුරකින් 10 දෙනෙකු තුවාල ලබා තෙල්දෙණිය රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලිසිය පවසයි.

ඊයේ (11) සවස සිදුවු මෙම අනතුරින් තුවාල ලැබූවන්ගෙන් අටදෙනෙකු කාන්තාවන් වන අතර, පිරිමි පුද්ගලයෙකු සහ අවුරුදු හතක පිරිමි දරුවෙකු ද වන බව වාර්තාවේ.

රියදුරුට නින්ද යෑම හේතුවෙන් ලොරි රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

ලොරි රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත

Leave a Reply